2022 මාර්තු 20 වන ඉරිදා

විප්ලවීය මඩ

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 583

දුරකථන පාටියේ කට්ටිය තිබුණු උද්ඝෝෂණයට මහා සෙනඟක් ආව එක නිසා ගොඩක් අය හිතුවේ ආණ්ඩු හිතවාදීන් බයවෙලා ඒකට සයිබර් මඩ ප්‍රහාරයක් එල්ල කරයි කියලා. ඒ නිසා දුරකථන පාටියේ අය ලෑස්තිවෙලා හිටියේ ඒ මඩ පෙන්නලා තව තව වැඩ දාන්න. ඒත් පුදුමේ කියන්නේ වැඩේ පත්තු වුණේ අනික් පැත්තට.

දුරකථන පාටියේ උද්ඝෝෂණයට වැඩියෙන්ම මඩ ගහන්න පටන් ගත්තේ විප්ලවේට බර මාධ්‍ය ගැන්සියලු. ඒ අය කොච්චර සයිබර් මඩ ගැහුවද කියනවා නම් ආණ්ඩුවේ අයට කරන්න දෙයක් තිබුණෙම නෑලු. දුරකථන පාටියේ ලොක්කට වදින්න එක එක මඩ පෝස්ටර් දාලා ඒ අය කිව්වේ අපේ විප්ලවකාරී ලොක්කා තමයි හොඳම කෙනා කියලා. ඉතින් දැන් ලොකුම රණ්ඩුව තියෙන්නෙ ආණ්ඩු විපක්ෂය අතර නෙමෙයිලු. විපක්ෂ විපක්ෂ අය අතරෙලු.

 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00