2022 මැයි 01 වන ඉරිදා

ඇත්ත හේතුව

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 571

විපක්ෂය ගෙන එනවය කියන එක්තරා භංග යෝජනාවක් දිනෙන් දින ප්‍රමාද කරන්නෙ විපක්ෂයෙම එක්තරා වගකිවයුතු දෙතුන් දෙනෙක් කියල 41 කණ්ඩායම අතරෙ කසුකුසුවක් ඇතිවෙලා. පසුගියදා මාධ්‍ය හමුවේ මේ බව මුලින්ම නොකියා කිව්වෙ 41 කණ්ඩායමේ ඉන්න ප්‍රබල වාමාංශික නායකයයි...

කොහොම නමුත් එක එක හේතු පාඨ ඉදිරිපත් කරමින් වැඩේ ප්‍රමාද වුණාට සමහරැ ප්‍රසිද්ධ සභාවෙදි විශ්වාසභංගයට අත්සන් කළ බවත් මෙයට පෙර වාර්තා වුණා..

කොහොම නමුත් මේ විදියට විශ්වාස - භංගය පමාවෙන්න ඇත්ත හේතුව තනතුරක් සම්බන්ධ ප්‍රශ්නයක් බව 41 දෙනාගෙ කණ්ඩායමේ උදවිය හිතනව... ඒක විපක්ෂයෙ තිබෙන ඉහළම තනතුරක්ලු...

විශ්වාස - භංගය ගෙනැල්ල ජනතා ඉල්ලීම අනුව අන්තර් - පාලනේ ආවොත් ඒ තනතුරැ සමහරැන්ට අහිමි වෙන්න ඉඩ තිබෙන හින්ද සමහරැ විශ්වාසභංගය වටේ යන්න පටන් අරන් කියලයි 41 කණ්ඩායම කියන්නෙ...

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00