2022 මැයි 22 වන ඉරිදා

එයාට කිව්ව නම් වැඩේ කෙරෙනවලු

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 517

ආණ්ඩුවෙ මන්ත්‍රී කස්ටියගෙ රැස්වීමක් පසුගියදා තිබුණා. ඒකට සහභාගි වුණු මැති ඇමැති ගොල්ල බොහොමයකට මල පැනලයි හිටියෙ. හේතුව බොහෝ දෙනෙකුගෙ ගෙවල් දොරවල් වාහන වස්තුව නැත්තටම නැති වීම....

මෙතැනදි විශේෂයෙන්ම එයාල කේන්තියෙන් හිටියෙ ආරක්ෂක අංශයෙ ලොක්කො දෙතුන් දෙනෙක් ගැනයි... කොහොම නමුත් අපූරු කතා ගණනාවක් කියවුණ මේ රැස්වීමෙදි තමන්ගෙ ආරක්ෂාව බලා නොගත්ත එක ගැන දොස් කියන අතරෙ මන්ත්‍රීලට ආණ්ඩුවට ලබාදෙන්න බැරි ආරක්ෂාව ලබාදෙන්න පුළුවන් විපක්ෂයෙ ස.ජ.බ. මන්ත්‍රීතුමෙක් ගැනත් කියැවුණා.

මේ ගැන කාරණා කාරණා කියාපු ආණ්ඩුවෙ මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් සඳහන් කළේ ඈත පුලතිසිපුරේ පැත්තෙ ඉන්න සමගි ජන බලවේගෙ මන්ත්‍රීතුමෙකුගෙ නමක්ලු...

උන්නැහේට කෝල් එකක් දීලා කිව්වා නම් අපිට ආරක්ෂාව දෙන්න කියලා උන්නැහේ ඒ වැඩේ නියමෙට කරලා දෙන බවයි මන්ත්‍රීගොල්ල කියා හිටියෙ. එයාට එච්චර දෙයක් කරන්න හයියක් ලැබුණෙ කොහොමද කියලත් එතැන කියැවුණාලු... ඒකට හේතුව ආරක්ෂක අංශයෙ ඉහළම ලොක්කෙක් මේ ස.ජ.බ. මන්ත්‍රීතුමාගෙ ළඟම ඥාතියෙක් වන නිසා කියලයි තතු දත් අය කියා හිටියෙ.