දෙවැනිවර කැබිනට්ටුවෙ දිවුරුම් දීමට පැමිණි තුන් හතර දෙනාගෙන් දෙන්නෙක් තමන්ට ලැබුණ අමාත්‍ය විෂයයන් ගණන වැඩි නිසා එම තනතුරු එපා කිව්ව බව අපට ආණ්ඩුවෙ මහ කන්තෝරුවෙන් ආරංචි වුණා.
මේක ඉතාම කලාතුරකින් සිද්ධවෙන වැඩක් මොකද තනතුරුවල බලතල මදිය කියන යුගයක මෙහෙම දෙයක් අහන්න ලැබීමත් පුදුමයක්. මෙයින් එක්කෙනෙක් වන කොළඹ ආර්ථික විද්‍යා ආචාර්යතුමාට ඇමැති විෂයන් තුනක්ම පවරල...
ඒ විෂය කාර්ය ලේඛනය දැකපු උන්නැහේ එකපාරටම කිව්වෙ අනේ මට මේ තරම් විෂයන් කරන්න බැහැ. ඒ නිසා මට ඔය විදියට නැතිව ආර්ථිකේට සම්බන්ධ වෙන විෂයයක් පවරන්න කියලයි. ඒත් රටේ ලොකු මහත්තයල ඒකට කැමැති වුණේම නැහැල්ලු... ඒ නිසා ආර්ථික විද්‍යා ආචාර්යතුමාට එකට එකක් සම්බන්ධ නැති විෂයයන් තුනක්ම එකපාර භාරගන්න සිද්ධ වුණා...
උන්නැහේ වගේම දකුණෙන් ආපු දොස්තර මහත්තයත් තමන් කරන වැවිල්ලට අමතරව දුන්න අනිත් කරුමාන්තෙ භාරගන්න බැහැම කිව්වලු... සෑහෙන තරම් පිළිගැනීමක් ඇති කාර්යක්ෂම කෙනෙක් වන උන්නැහේට දෙවැනි පාර දුන්න විෂය එපාම කියද්දී කළින් ආචාර්යතුමාට වගේම කොහොම හරි මේ වැඩේ කරන්න කියල ඉහළම තැන්වලින් කරපු ඉල්ලීම අන්තිමට පිළිගත්ත බව ආරංචියි.