2022 ජුනි 26 වන ඉරිදා

තනතුරකට අනතුරක්!

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 704

මේ ආණ්ඩුවෙ ඉහළ පෙළේ තනතුරක් ආයෙම වරක් වෙනස් කරන්න ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රී පිරිසක් තිරය පිටුපස ලොකු ගේම් එකක් ගහමින් ඉන්න බව ආරංචියි.

මේ අයගෙ විරෝධය මත පසුගියදා රටේ ලොකු මහත්තයා විසින්ම වෙනස් කරපු තනතුරක මේ අයගෙ හිතවතෙක් පත්කරගන්නලු මේ සේරම දේවල් කරන්නෙ...

වෙලාවකට ආණ්ඩුවෙ ඉන්න තවත් වෙලාවකට විපක්ෂයෙ ඉන්න ඊළඟට ස්වාධීන වුණා යැයි කියන මේ කණ්ඩායම කරන වැඩ සම්බන්ධයෙන් ආණ්ඩුවෙම ඉන්න පොහොට්ටු මන්ත්‍රීල ඉන්නෙ සෑහෙන විචිකිච්ඡාවකින්ලු. මේ සමහර අය කුඩා පක්ෂ නියෝජනය කරමින් ආණ්ඩුවෙ ඉහළ තනතුරැ සඳහා බලපෑම් කරන බවයි පොහොට්ටු කස්ටිය කියන්නෙ.

කොහොම නමුත් මෙයාල මේ තනතුරැ මාරැව කරල අලුතෙන් පත්කරගන්න යන දකුණෙ කෙනො එක්ක අලුත් දේශපාලන ගමනක් යන්නලු හදන්නෙ.

ඒකට පාර කපාගන්න උසස් තනතුරකට ඉව අල්ලන වගයි තතු දත් උදවිය කියන්නෙ...

කොහොම වුණත් ඔය වෙනස් කරන්න කියන තනතුරේ දැන් ඉන්න කෙනෙක් ලෙහෙසි පහසු කෙනෙක් නොවන නිසා ඉස්සරහට හොඳ දේශපාලන විජ්ජුම්බරයක් බලාගන්න පුළුවන් වේවි කියල ආණ්ඩුවෙම පසුපෙළ උදවිය කියනව...