ඈත පුලතිසිපුරේ පැත්තෙ තරැණ ඇමැති සයිස් මහත්තයෙක් අලුත් පාටියක් හදනවය කියල ප්රචාරයක් ගෙනියනව... පක්ෂයෙ ලකුණ හැටියට රජවරැන් හිසේ පළඳින එක්තරා උපකරණයකුත් නම් කරලලු...
දැන් තමන් හදන පාටියට උන්නැහේ සාමාජිකයො එකතු කරන්න පටන් අරන් විශේෂයෙන්ම දියවන්නාවෙ ඉන්න කළකිරැණු සගයන්ට තමයි මෙයා ඇම දාන්නෙ..
මෙහෙම ඇම දාන්න යනකොට මෙයාගෙ සගයො අහනවලු කව්ද ඔයා හදන පාටියෙ නායකයා ඔයාද නැත්නම් වෙන කෙනෙක්ද කියල එතකොට මෙයා කියනවලු. මම නෙවෙයි අහවලා තමයි නායකයා එයා වෙලාවට අපට සැට්වෙයි කියල...
ඊළඟට ප්රශ්නය මතුවෙන්නෙ කවුද අහවලා කියලයි. ඒ ගැන වැඩිදුර විස්තර අහනකොට මෙයා කියන්නෙ රටේ ලොකුම පවුලකට සම්බන්ධ මලක නමක් තිබෙන තරැණ මන්ත්රී කෙනෙක්ගෙ නමලු... කොහොමින් කොහොම හරි මේක ඔය මලේ නම තියන තරැණ මන්ත්රීටත් දැනගන්න ලැබිල...
ඊටපස්සෙ එයා ප්රචාරය කරනවලු ඔය එක එක්කෙනා කියන පක්ෂවලට මම නම් සම්බන්ධ නැහැ... ඒ කියන කතා අමූලික බොරැය කියල... මේ නායක හුටපටේ නිසා මුලතිසිපුර තරැණ ඇමැතිගෙ පාටිය දේශපාලනේ වාටියට වැටිලයි කියල තමයි අලුත්ම ආරංචිය.