2022 ජුලි 10 වන ඉරිදා

තෙල් කාඩ් එක ගන්න පෝලිමක්

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 540

පසුගියදා මැතිසබයට පැමිණි රටේ ලොකු මහත්තයට විපක්ෂය පැත්තේ මන්තිරිගොල්ල ලොකු සද්දයක් දැම්ම.... ඒත් ඒ සියලු සද්ද බද්ද මැද්දෙ සභාව කල්තබනතුරු හිටපු ලොකු මහත්තය තමන්ගෙ මැතිසබා කන්තෝරුවට ගිහිල්ල ටික වෙලාවක් ඉඳල යන්න ගියා...

ඊට පැයකට දෙකකට පස්සෙ උදේ ලොකු මහත්තයට යන්න කියල සද්ද කරපු විපක්ෂයෙ මන්තිරිගොල්ල ආණ්ඩු පක්ෂ කන්තෝරුව පැත්තෙ ගැවසෙනව පෙනුන...

උදේ කෑගහපු අය සවස මෙහෙම ආණ්ඩු පක්ෂ කන්තෝරුවට ආවෙ මොකද කියල සොයල බැලුවමයි පෙනුනෙ එදා මැතිසබයට ආපු ලොකු මහත්තය මන්ත්‍රීවරුන්ට මැතිසබයට එන්න තෙල් ලබාදෙන්න නිකුත් කරපු තෙල්කාඩ් එක ගන්න එතැනට ආපු බවයි...

විපක්ෂයෙ ලොකු ලොකු පට්ටම් දරන හැමෝම වගේ ලොකු මහත්තය දුන්න තෙල් කාඩ් එක ගන්න ආවත් මැතිසබයෙ ඉන්න රත්තො තුන්දෙනා විතරක් ඒ පැත්තෙ ඇවිල්ල හිටියෙ නැහැ. ඒකත් විශේෂ කාරණාවක්.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00