ආණ්ඩුවේ තනතුරු ගන්න පෝලිමේ දුරකථන පාටියේ ලොකුම දෙන්නෙක් ඉන්නවලු. එක්කෙන් උතුවන්කන්ද පැත්තේ හිටපු ඇමැති සයිස් මහත්තයෙක්. අනික් කෙනා මිණිපුරේ පැත්තේ ස්ත්රී රත්නයක්ලු. මේ දෙන්නට ආරාධනා කළාම එක පයින් කිව්වලු එන්නම් දැන්නම් මෙතැන හිටිය ඇති කියලා. රටේ ලොකු තැන තෝරගන්නකොට සහයෝගයක් දීලා ඉන්න නිසා මේ දෙන්නට අලුත් ආණ්ඩුවෙ ලොකු ඉඩක් හම්බවෙයි කියලයි කතා වෙන්නේ.
ලොකු කලකිරීමක ඉන්න මේ දෙන්නා දුරකථන පාටිය දාලම ආයේ පරණ තැනට එන්න තීරණය කරලා ඉවරලු. තවදුරටත් ඒ පාටියේ ඉඳීමෙන් තේරුමක් නෑ කියලා. රත්නපුරේ කෙනා නම් එන්නේ දුරකථන පාටියෙම තරුණ මන්ත්රී කෙනෙක් එක්ක තියෙන කෝන්තරයටලු. උතුවන්කන්ද පැත්තේ එක්කෙනා එන්නේ පක්ෂයේ ලොකු තැනක් හම්බුණේ නැති නිසාලු.