2022 අගෝස්තු 07 වන ඉරිදා

තනතුරට කලින් රැකවරණ අරන්

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 588

පහුගිය පාර්ලිමේන්තුවේදී ලොකු පුටුව තෝරපු දවසේ හිතාගන්න බැරි වැඩක් වුණාලු. රටේ දෙවැනි පුටුවට පත්වෙයි කියලා හිතපු පක්ෂයක නායකයා රටේ දෙවැනි පුටුවට දෙන ආරක්ෂක කට්ටිය කලින්ම තමන්ගෙ කන්තෝරුවට ගෙන්න ගත්තලු. එයා රටේ දෙවැනි තනතුර එයාට ලැබෙයි කියල ඒ තරමටම ෂුවර් පිටලු හිටියෙ. ඒ නිසාලු තනතුර ලැබෙන්න කලින් ආරක්ෂාව ඉල්ලලා හිටියෙ. ඊට පස්සෙ එයා. හොයල බැලුවලු එයාගෙන් ගැලවිලා ආණ්ඩුවට ගිය දෙන්නෙක්ට දීලා තියෙන ආරක්ෂාව කොහොමද කියල. එහෙම බලලා මෙයා කරපු වැඩේ ඒ ආරක්ෂාවත් අයින් කරන්නත් ප්ලෑනක් ගැහුවලු.

කොහොම හරි වැඩේ අප්සෙට් වෙලා එදාම රටේ ලොකු පුටුව දැන් ඉන්න කෙනාගේ අතට ගිය නිසා හොරෙන්ම එයා ගෙන්න ගත්ත ගාඩ් එක ආපසු යැව්වලු. යවලා සද්ද නොකර හිටියලු. කොහොම වුණත් එයාට තනතුර ලැබෙන්න කලින්ම ආරක්ෂාව යැව්වේ ඇයි කියලා දැන් වෙනම පරීක්ෂණයකුත් යනවලු.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00