2022 අගෝස්තු 14 වන ඉරිදා

දුරකතනය විසන්ධි කරයි

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 727

අලි පාටියෙ පතාක යෝධයො දෙන්නෙක් පසුගිය කාලෙ ටැලිෆෝන් එකට සම්බන්ධ වෙන්න තිරය පිටුපස ලොකු සාකච්ඡාවක් තිබ්බා..

මෙයින් එක්කෙනෙක් අලි පාටියෙ ඉන්න ජ්‍යෙෂ්ඨතම පොරක්.. ගම්-පහ පළාතෙ ආසනයකට අරක්ගෙන ඉඳලා පසුගිය මහ ඡන්දෙදි ජාතික මට්ටමේ ලැයිස්තුවට වැටිල අන්තිමට ඒ මන්ත්‍රීකමත් නැති වුණා. ඒ ගැන අප්සෙට් එකේ හිටපු උන්නැහේ ටැලිෆෝන් පාටියෙ රැස්වීමකදි වේදිකාවට නගින්නත් ලෑස්තිවෙලා හිටියා...

ටැලිෆෝන් එකට යන්න හිටපු අලි පාටියෙ අනිත් කෙනා සීතල පළාතක් නියෝජනය කරපු දිසාවක නායක කෙනෙක්. උන්නැහේලගෙ පවුලම ලොකු දේශපාලන උරුමයක් ඇති පවුලක්.. ගිය මහ ඡන්දෙන් දියවන්නාවට එන්න බැරිවුණු මුන්නැහේට පක්ෂයෙ තනතුරක් තිබුණට හරිහමන් සැලකිල්ලක් නැහැ කියල කලකිරිලලු හිටියෙ.. ඒ නිසා තමයි ටැලිෆෝන් පාටියට යන්න සැට්වෙලා සාකච්ඡා පවා සිද්ධ කළේ...

කොහොමින් කොහොම හරි ළඟදි වෙච්ච දේශපාලන පෙරළියෙන් පස්සෙ අලි පාටියෙ ලොකු මහත්තය රටේ නායකයා වුණු නිසා... දැන් මේගොල්ල යන්න හිටපු ගමන නවත්තල අලි පාටියෙන් උසස් තනතුරු දෙකක් බලාපොරොත්තු වෙනවලු...

ඒ ළඟදි පත්කර ගන්න යන ආණ්ඩුකාර පට්ටම් දෙකක් කියලයි ආරංචි... ආණ්ඩුකාර වාසනාව උදාවෙන ලකුණු පහළ වීමත් සමඟ ටැලිෆෝන් එක විසන්ධි කරල දැන් අලියා පිටම ගන්නලු එයාලා හදන්නෙ.

 

 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00