2022 අගෝස්තු 21 වන ඉරිදා

ආයෙමත් සැලුන් දොර අරිනවලු

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 751

පසුගියදාක පොහොට්ටුව කඩාගෙන ගිය කණ්ඩායමේ හිටපු දකුණෙ ලොක්කෙක් ජනාධිපති ඡන්දෙටත් ඉදිරිපත් වුණා. ඒ කණ්ඩායමට සහාය දෙන්න පොහොට්ටුවෙ සභාවට අධිපති තැනත් ඉදිරිපත් වුණා... ඒ වුණත් එයාල සටනින් පැරදුණා... අන්තිමේදී ඒ ගොල්ලො පොහොට්ටුවේ දැරූ තනතුරු ආදියත් වෙනස් කරලා වෙනත් අය පත්කර ගන්න පොහොට්ටුවෙ පහළ කණ්ඩායම් තදින්ම උනන්දු වුණා.

සමහරු මහින්ද උන්නැහේ පොහොට්ටුවෙ මහ පුටුවෙ වාඩිකරමු කියලත් කිව්වා....

ඒත් ඊයෙ පෙරේදා අපට වෙන ආරංචියක් ලැබුණා.

ඒකෙන් කියැවුණේ ජනාධිපති ඡන්දය වෙලාවෙ පොහොට්ටුවෙන් ගිය උන්නැහේලට පොහොට්ටුවෙ සැලුන් දොර ආයෙමත් අරින්න යනවය කියන කතාව...

මේ ගැන මේ වනවිටත් නිල නොවන වශයෙන් අදහස් හුවමාරැවක් සිද්ධ වෙමින් පවතින බවත් දැනගන්න තිබෙනවා.

කොහොමටත් මේ රටේ ක්‍රියාත්මක වන ලැජ්ජ බය නැති දේශපාලනේදී සදාකාලික මිතුරොත් නැහැ සදාකාලික සතුරොත් නැහැ... ඒ කතාව ආයෙමත් ඔප්පු වෙන්න යන බවයි මේ ආරංචියෙන් දැනගන්න ලැබුණෙ.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00