2022 අගෝස්තු 21 වන ඉරිදා

අලියා පිටට කරණමක්

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 522

පුලතිසිපුරේ පැත්තෙන් දියවන්නාවට ආපු එක්තරා ඇමැති සයිස් මහත්තයෙක් දේශපාලන කරණමකට සැට් වෙනවය කියලා ආරංචියි...

වාරිමාර්ගෙට බොහොම ඇලුම් කරන මුන්නැහේ මෑතකදී හිටපු ලොක්ක කැබිට්ටුවට ගත්ත රණකාමී සිංහයෙක් හැටියටයි සමහරු හඳුන්වන්නෙ....

උන්නැහේට පොහොට්ටුවෙ සමහර ලොක්කො කැපිල්ල දානවය කියලා එයාගෙ හිතේ බරපතළ කනස්සල්ලක් තිබුණලු. ඒ කනස්සල්ල නිසා ටික කාලයක් එයා රටෙනුත් ගිහිල්ල පිටරටක හිටිය බවත් ආරංචි වුණා... කොහොමින් කොහොම හරි දැන් එයා තමන්ගෙ දේශපාලන ඉදිරි ගමන යන්න අලිය පිට නගින්න හදන බවයි කියැවෙන්නෙ...

ඒ ගැන පසුගිය දවසෙ උන්නැහේගෙ පුලතිසි ගෙදර මීටිමකුත් තිබුණ... ඒකට සිරිකොත පැත්තෙන් ලොක්කෙකුත් ඇවිල්ල හිටියලු... ඉතින් මේ තරුණ ඇමැති තැන අනාගතයේදී අපිට අලිත් එක්ක එයාලගෙ වේදිකාවෙ දකින්න ලැබේවි කියලයි තතු දත් අය කියන්නෙ.