ගමන් බිමන්වලට සම්බන්ධ ආණ්ඩුවෙ ප්රධාන පෙළේ කන්තෝරුවක පාලක පුටුවෙ වාඩිවෙලා ඉන්න ඉහළම පට්ටම් ධාරිය තමන්ගෙ කන්තෝරැවෙ සිද්ධවෙන නීති විරෝධී ජාවාරම්වලින් ලැබෙන සන්තෝසම් මුදලින් කොටසක් ලබාගන්න ට්රයිකරන එක දැන් ප්රසිද්ධ කතාවක් බවට පත්වෙලා ඉවරයි...
හැබැයි මේ කතාවෙ සුලමුල සොයාගෙන යනකොට අපට වාර්තා වෙන්නෙ මේ සන්තෝසම් ඉල්ලන ආයතන ප්රධානියා පිටිපස්සෙ තවත් බලවත් ලේකම්වරයෙක් ඉන්න බවයි... මෙයා මේ ආයතනයේ ඉහළම පුටුවට පත්කරන්න බලපෑම් කළේත් මේ වැරදි කරන ලොක්ක රැකගන්න මහන්සි වෙන්නෙත් ඒ ලේකම්වරයාය කියල තතු දත් අය කියනව. එයත් මෙතන කළින් හිටපු ලොක්කෙක්ලු. ආනන්ද ජනක චරිතයකට හිමිකම් කියන චූලවංශයට අයිති මෙම බලවත් ලේකම් තැනගෙ ආනුභාවයෙන් යට කී දෙපාර්තමේන්තු ලොක්ක හිරිකිතයක් නැතුව එකතු කරන සන්තෝසම්වලින් කොටසක් ඔය කියන බලවත් ලේකම් තැනටත් ලැබෙන බවයි වැඩිදුරටත් ආරංචි වෙන්නෙ. ඔය දෙපාර්තමේන්තුවෙ අය මේ දෙන්නට දාල තියෙන නම "කප්පම් සන්ධානය" කියලලු හඳුන්වන්නෙ.