කැබිනට් ඇමැති සයිස් මහත්තයකුට වෙන්කරපු නිල නිවෙසක් එක්තරා බලවත් කන්තෝරුවක ලේකම් සයිස් මහත්තයෙක් අල්ලගෙන ඉන්නවය කියල අපට ආරංචියි...
ලංකාවෙ කෙළි සෙල්ලම් ගැන උනන්දු වෙන මේ ඇමැති තැන ඈත පළාතකින් පත්වුණ කෙනෙක්. එයාගෙ නිල නිවාසෙ අල්ලගෙන ඉන්න ලේකම් තැනත් "දිසාවකට" නායකයෙක් කියල තතු දත් අය කියනව...
මේ හුටපටේ ගැන ඇමැති තැන වගකිවයුතු බලධාරීන්ට කිහිපවරක්ම කියලත් තිබෙනවලු... ඒ වුණත් ලේකම් තැන නොවෙයිලු නිවාසය අත්හරින්නෙ...
කොහොම හරි මේ වැඩේ දුරදිග ගියොත් ඇමැති තැන ප්‍රසිද්ධ සභාවෙ මේ කතාව කියන්න ඉඩ තිබෙනව කියලත් කියැවෙනව...
"නිල නිවාස ගාය" වගේම "රථ ගාය" ගැනත් ප්‍රසිද්ධ මේ ලේකම් මොන ආණ්ඩුව ආවත් ඉහළ තැන්වල වැජඹෙන කෙනෙක්ලු.