ක්‍රීඩාව සම්බන්ධයෙන් යම් යම් සංවර්ධන කටයුතු කරන්න හදපු කමිටුවේ ලොකු තැන වෙච්ච රණකාමි ක්‍රිකට් ලොක්කෙක් නිසා දැන් නැති ප්‍රශ්න ඇතිවේගෙනලු යන්නේ. ඉහළ තැන්වලට පවා මෙයා කරන දේවල් ගැන තොරතුරු ලැබෙන්න පටන් අරන් කියල ආරංචියි. රටේ සියලුම ක්‍රීඩාවන් ගැන බලන්න දැම්මත් මේ වෙද්දී එයා වැඩියෙන්ම හොයන්නේ එයාගේ ක්‍රීඩාව සම්බන්ධ ආයතනය ගැනලු. ස්වාධීන ආයතනයක් වෙච්ච එතැනට දැන් එයා කෙළින්ම අතපය දාන්න පටන් අරන්ලු.
කොහොම වුණත් කාලයක ඉඳලා එයාට තිබ්බ ලොකුම ප්‍රශ්නයත් මේකට අත දාන එකලු. ඒ ආයතනය ගැන මෙයා මේ ළඟදී කරපු දෙයක් එක්ක ලකුණු ටිකක් වැටිලා. අන්න ඒ ලකුණු එක්ක මෙයා දැන් දිගටම ඒ ආයතනයේ වැඩවලට අත පය දාලා ගැටුමක් පටන් ගන්න වගේලු යන්නේ. මේ ගැන ලොකු ලොකු තැන්වලටත් තොරතු ගිහින්ලු. කොහොම වුණත් වැඩිකල් යන්න කලින් ලොකූ ප්‍රශ්නයක් ඇතිවෙන්න යනවා වගේ කියලා ඒ ලොකු තැන්වලට ආරංචි දුන්න අය කිව්වලු.