2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

බලය අල්ලන සැලසුමක්

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 766

තිරය පිටුපස ඉඳගෙන දේශපාලනේ ලොකු ලොකු වැඩකරන ලොකුම නෝනා කෙනෙක් තමන්ගෙ පවුලේ උරුමය තිබෙන දේශපාලන පක්ෂයක බලය අල්ලන්න යන බවට ආරංචියක් යනව...

ඒකෙ දැන් ඉන්න නායකය වෙනුවට දකුණෙන් නායකයෙක් ගේන්න දකුණෙ දේශපාලන චරිත දෙකක් එක්ක හිටපු ලොකු නෝන මේ දිනවල කතා කරමින් ඉන්නවලු... නිල වශයෙන් මේ පක්ෂයෙන් පත්වූ මැති ඇමැතිල 15ක් විතර දියවන්නා කවුන්සිලේ හිටියත් දැන් ඉන්න පක්ෂ නායක තැන එක්ක ඉන්නෙ එයින් 4 දෙනාලු. ඒ නිසා අනිත් අයගෙත් සහාය අරගෙන අලුත් නායකයෙක් ගේන්නලු මෙයාල හදන්නෙ. ඒකට පක්ෂ ව්‍යවස්ථාවෙම තිබෙන නීතිමය හිදැසක් පාවිච්චි කරන්න ඕන හැටි ගැන නීති උපදෙස් පවා අරගෙනය කියල තතු දත් අය කියනව.

මේ සියලු සැලසුම්වල අවසාන අරමුණ තමන්ගෙ පුත්‍ර රත්නයත් මේ පක්ෂය හරහා දේශපාලනයට මඩු බැස්සවීමලු....

මේ සැලසම තිතට කෙරුණොත් ඔය පක්ෂයේ පුලතිසිපුර යුගය හමාරවෙලා ආයෙමත් අත්තනගලු යුගය උදාවෙයි කියල මේ වැඩේට සපෝට් කරන අය කියනව.

 

 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00