2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

වැරදුණු තැන සෙවීම

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 815

ලංකාවට නැවතත් ආපු හිටපු ලොකු තැන නැවතත් කිසිම ආකාරයකට දේශපාලන කටයුතුවලට දායක නොවෙන්න තීන්දුවක් අරන්ලු.  එහෙම වුණත් උන්නැහේගෙ පසුගිය පාලන කාලෙ කරපු කියාපු වැඩ ගැන සොයා බලන්න පොඩි ජනමත විමසුමක් දැන් එක්තරා පිරිසක් විසින් පටන් අරන් කරගෙන යනවලු...

මේ සමීක්ෂණයේ මුල්ම පියවර හැටියට සිද්ධ වෙන්නෙ උන්නැහේගෙ කාලෙ ගමින් ගමට යමින් සිද්ධ කළ පිළිසඳර චාරිකාවේදි ගියපු ගම්මානවල ජනතාවගෙ අදහස් උදහස් ලබාගැනීම, වැරදුණු තැන් ගැන සොයා බැලීම කියලයි ආරංචි.. 

පිළිසඳර චාරිකාවලදි ගියපු ගම්මාන 17න් හතරක පහක දැනටමත් ජනමත විමසුම් හමාරලු. මේ වැඩේ සේරම ඉවර කරල ඒ සෙවුම් බැලුම්වල තොරතුරු හිටපු ලොකු තැනට වාර්තා කරන්න ඒ වැඩේ භාරව ඉන්න උදවිය සූදානමින් ඉන්න බවයි කියවෙන්නෙ. 

කොහොම නමුත් දේශපාලනයට පැමිණීම ගැන පසුතැවිල්ලෙන් පසුවන හිටපු ලොකු තැනට සමහරැ ආයෙමත් දේශපාලනේට එන්න කියල තදබල විදියට ආරාධනා කළත් ඒ ප්‍රශ්නයට පිළිතුරැ දෙන්නවත් උන්නැහේගෙ උනන්දුවක් නැති බව තතු දත් අය කියනවා.