දියවන්නා කැන්ටිමේදි හිටපු ඇමැති සයිස් මහත්තයකුට මන්ත්රී කෙනෙක් හදිස්සියෙ මුණගැහුණා.
''ආයිබෝවන් කොහොමද?'' ඇමැතිතුමාගෙන් මන්ත්රී ඇහුවා.
''වැඩක් නැහැ මචං'' කියල උත්තර දුන්න හිටපු ඇමැතිතුමා යන්න ගියා...
එදාම සවස ඒ මන්ත්රීටම හිටපු රාජ්ය ඇමැති කෙනෙක් තේ බොන වෙලාවෙ මුණගැහුණා.
''ආ කොහොමද ඇමැතිතුමා'' මන්ත්රීතුමා සුපුරුදු ප්රශ්නයම ඇහුව...
''කියල වැඩක් නැහැ මචං අනාථයි..'' හිටපු රාජ්ය ඇමැති තැන මන්ත්රීට කිව්වා.
ඊටපස්සෙ එයාට මුණගැහුණෙ තමන් වගේම පසුපෙළ වාඩිවෙලා ඉන්න දෙතුන් දෙනෙක්.. ඉතින් ඒ අයගෙන් මෙයා ඇහුව ''කොහොමද මචංල සැප සනීප'' කියල...
එයාල දුන්න උත්තරේ කලින් ඒවටත් වඩා සැරයි.
''මොනව කියන්නද මචං.. ගමට යන්නත් බැහැ. කොළඹ ඉන්නත් බැහැ..'' කියමින් එයාල ලොකු දෝස් මුරයක් දැම්ම...
මේ කතා තුනටම සම්බන්ධ වුණු බදුලු පළාතෙ කටකාර මන්තිරි සයිස් උන්නැහේ තමන්ට දියවන්නා සගයො කියාපු කතා ටික පසුගියදාක රටේ හිටපු ලොකු මහත්තයත් පොඩි හමුවකදි කිව්ව.. කියල උන්නැහේ ලොකු මහත්තයට කිව්වෙ ''දැන් සර්ව පාක්ෂික කතා ඇති සර්.. ඉන්න පාක්ෂිකයො ටික රුකගන්න'' කියලලු. ඒ වගේම කිව්වලු මේ ආණ්ඩුවෙ සතුටින් ඉන්නෙ ඇමැතිල පමණයි අනෙක් අය ඉන්නෙ අසතුටින් දුකින් කනස්සල්ලෙන් කියලත්..