අලුත් ආණ්ඩුව පත්වුණ දවසේ ඉඳලා නිතරම උත්සව පවත්වන ගෙයක් කොළඹ 7 තියෙනවලු. රජයේ දේශපාලන ජයග්රහණ, වෙන උදවියගේ දේශපාලන වෙනස් වීම්, අලුත් අය එයාලාගේ පැත්තට ගන්න වගේ විවිධ හේතුවලට මේ ගෙදර පාටිලු. ඒ හැම පාටියකටම උඩ තේරුමට වඩා යට තේරුමක් තියෙනවලු. ඒ තේරුම දන්නේ එයයි, ඒ වෙලාවට එන විශේෂ අමුත්තයි විතරලු. අනිවාර්යයෙන් ඒ හැම පාටියකටම ආණ්ඩුවේ ලොකු ලොකු ඇමැතිවරු එනවමලු. මොකද මෙයාට තියෙන බලය නිසා.
හදිසියේ කඩා වැටුණු පිනකින් මෙයා මැතිසබයට ගියා කියලත් පාටි දැම්මලු. ඒ පාටියටත් විශේෂ හේතුවක් තිබුණලු. කොහොම වුණත් රටේ ඉහළම තැන් පවා මෙයාට ගොඩක් හිතවත් නිසා එයාගේ පාටිවලට යන්න සමහර අය පුදුම ආසාවෙන් ඇඟිලි ගැන ගැනලු ඉන්නේ. දකුණු ලකේ පොරක් වන මෙයා රටේ මහ කන්තෝරුවෙන් ඉතා බලවත් බවක් වර්ධනය කරගත් චරිතයක් කියල කියැවෙනවා.