2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

සභාපති කව්ද?

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 537

පොහොට්ටු පාටියෙ සභාපති පුටුවට අලුත් පොරක් පත්වෙනවය කියල සමාජ මාධ්‍යවල කතාවක් පැතිරුණා.

හිටපු සභාපතිවරයා සරසවි ඇදුරෙක් නිසා මේ පාරක් පත්වෙන්න දැනට පොහොට්ටුවෙ මන්තිරි පට්ටමක් දරන සරසවි ඇදුරෙක්ය කියලයි පුවත් මැවුණෙ.

මේ ප්‍රවෘත්තියට තටු ලැබිල හයියෙන් ප්‍රචාරය වෙනකොටත් පොහොට්ටුවෙ ලොක්කා මෙහෙම දෙයක් හිතලවත් තිබුණෙ නැහැල්ලු...

මේ කියන පොහාට්ටු මන්ත්‍රීවරයා ගැන එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයො ඒ තරම් ප්‍රසාදයකිනුත් නොවෙයිලු ඉන්නෙ...
ඒකට හේතුව පොහොට්ටුවෙ නිර්මාතෘට දියවන්නා කවුන්සිලෙට එන්න නියම වෙච්ච වෙලාව උන්නැහේට එන්න කවුන්සිලේ ජාතික මට්ටමේ ලැයිස්තුවෙන් අස්වෙන්න පුළුවන්ද කියල මේ කියන මන්ත්‍රීගෙන් ඇහුවම එයා ඒක ප්‍රතික්ෂේප කරල අතුරුදන්වීම කියලයි තතු දත් අය කියන්නෙ.

කොහොම වුණත් පාටියෙ අලුත් සභාපති එයාය කියල පුවත් පළවුණාම එතැන ප්‍රධානින් මේ පුවත් මාධ්‍යයට ගිය හැටි ගැන පොඩි සී.අයි.ඩී. වැඩක් කරල සොයල බැලුව.

එතකොටයි ආරංචි වුණේ මේ කතාව මාධ්‍යයට දුන්නේ ඒ තනතුරට පත්වෙනවය කියල කියාපු කෙනාමයි කියල. දැන් වැඩේ පත්තුවෙලා ඉවරයි... ඒක දැනගත්ත සරසවි ඇදුරු තෙමේ දත කට පූට්ටු කරන් ඉන්නවලු.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00