2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

ඕක කරන්න මට බැහැ

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 825

පසුගිය දවස්වල පොහොට්ටු පක්ෂයෙන් පිරිසක් කඩාගෙන ගිහිල්ල දියවන්නා කවුන්සලේ විපක්ෂය පැත්තෙ අසුන් ගත්ත...

මෙහෙම අසුන් ගත්ත අය අතරෙ පොහොට්ටුවේ ලොකු පුටුවක වාඩිවෙලා හිටපු මහාචාර්ය සයිස් මහත්තයෙකුත් ඉන්නව...

උන්නැහේ දේශපාලනේට ආපු දවසෙ ඉඳල කලින් කලට මේ රටේ ප්‍රධාන පක්ෂ සියල්ලටම සම්බන්ධ වෙලා ටික කලකින් ඒ පක්ෂ හැර ගියපු කෙනෙක් කිව්වොත් වරදක් නැහැ.

කොහොම හරි උන්නැහේ මේ පාර පක්ෂය මාරු කළාම පක්ෂයෙ ඉහළම ඉන්න අනිත් අයට ඕන වුණා මෙයා පක්ෂයෙ දරන ඉහළම තනතුරෙන් දොට්ට දාන්න...

එහෙම තීන්දු කරල පක්ෂයෙ නායක පට්ටම දරන හිටපු ලොකු තැනට මේ යෝජනාව කළා. ඊටපස්සෙ උන්නැහේ කල්පනා කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් මහින්ද උන්නැහේ පරණ කාලේ කළ හොඳ අමතක නොකරන කෙනෙක් හැටියට ප්‍රසිද්ධයි... ඒ අනුව උන්නැහේ මේ ගැන තමන්ගෙ අදහස කිව්ව.

"ඔය මනුස්සය අන්තිමේදී අපට පිටුපෑවට මුලදී හුඟක් උදව් පදව් කළ කෙනෙක්. ඒ නිසා මම ඔය අස්කිරීම කරන එක මගේ හිතට හරි නැහැ.. ඒ හින්ද මම මේකට සම්බන්ධ කරගන්න එපා..."
මහින්ද උන්නැහේ කිව්ව. ඒ සමඟ එතැන කතාවත් ඉවර වුණා.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00