අරගලයේ කට්ටිය ඇතුළේ හිතාගන්න බැරි දෙයක් වීම ගැන හැමෝටම දැන් ප්‍රශ්නයක් වෙලාලු තියෙන්නේ. අර ජනප්‍රිය නිළි නෝනා එකපාරම විපක්ෂ නායකයා තෝරාගැනීම තමයිලු ප්රශ්නය. දැන් එයාට විරැද්ධව අවි අමෝරලා ඉන්නේ සීනු සහ පෙරටු හාදයොලු.
එයාලා එක්ක එකට ඉඳලා එකපාරම නිළි නෝනා අරයගේ තැනට පැන්න එකෙන් ජනතාවට අරගලය විහිළුවක් වෙන්න යනවා කියලලු ඒ අය කියන්නේ. මොකද පැනලා නම් කමක් නෑ හොඳත් කිව්ව එකලු ලොකුම ප්‍රශ්නෙ. ඒ නිසා ආයේ අරගලයේ අයගේ සාමූහික මාධ්‍ය කතාබස්වලට එයාව වද්ද නොගන්නලු යන්නේ. මොකද එයා එක්ක එක මේසේ වාඩිවෙන්න බෑ කියලා අර කණ්ඩායම් දෙක තදින්ම කියනවලු. කොහොම හරි නිළි නෝනට විරුද්ධව දැන් වැඩියෙන්ම ගහන්නේ අරගලයේ අර දේශපාලන කණ්ඩායම් දෙකලු.