අලුත් කැබිනට්ටුව හදනවය කියන ආරංචිය නිසා පට්ටම් පෙරේ නැගලම යනවලු...
මේ ගැන ඉල්ලීම් කරන අයගෙන් බේරෙන්නම බැරිතැන මේ දවස්වල රට ගිහිල්ල ඉන්න බී.ආර්. උන්නැහේ තමන්ගෙ දුරකතනයත් විසන්ධි කරලලු ඉන්නෙ...
මේ පට්ටම් පොරේ ඉන්න කස්ටිය අතරෙ රටේ ලොකුම පවුලකට සම්බන්ධ කෙනෙකුත් ඉන්න බවට තිරය පිටුපස ආරංචියක් යනවා...
උන්නැහෙත් රාජපාක්ෂිකයෙක් වුණත් රටේ හිටපු ලොකු තැනගෙ පුත්‍රය නෙවෙයිලු... එයාලට ළඟ නෑදෑකම් තියෙන වෙන කෙනෙක් කියලයි තතු දත් අය කියන්නෙ.
මේ කියන උන්නැහේගෙ පවුලෙ තව කෙනෙකුත් දැනට කවුන්සිලේ ඉන්නවා. ඒ වගේම මේ ඇමැතිකමක් ප්‍රාර්ථනා කරන කෙනා දැනට රාජ්‍ය මට්ටමේ පට්ටමක් දරන බවත් ආරංචියි...
මෙයාගෙ පවුලෙ ජ්‍යෙෂ්ඨ කෙනෙක් මුන්නැහේ කැබිනට්ටුවට පූට්ටු කරන්න දත කනවලු. ඒත් රටේ ඉහළම තැනින් තාම ඒකට ග්‍රීන් ලයිට් එකක් පත්තු නොවීම තේ කොප්පයේ කුණාටුවක් බවට පත්වෙලා කියල තතු දත් අය කියනවා.