ත්‍රෛලෝක විජය පත්‍ර වගා කරලා රට පටවන වැඩේ ගැන වැඩිපුරම කතාකරපු දෙන්නෙක් ඉන්නව. එක්කෙනෙක් සංචාරෙ බාර නෝන. අනෙක් එක්කෙනා වෙදකම බාර මහත්තයා.
ඉතින් මේ දෙන්නම මේව වගා කරන්න කතා කළත් වැඩේ නැගලා ගියොත් තමන්ට ගෞරවේ ගන්න ඒ දෙන්න වෙන වෙනම නොයෙක් දේවල් තිරය පිටුපස කළාලු...
නමුත් මේ ගැන ඒ ගොල්ල කතා කරපු තරමට රටෙන් ප්‍රතිචාරයක් නොලැබිම ගැන වෙදකම භාර දේශපාලුතුමා නම් ඉන්නෙ බොහෝම කනස්සල්ලෙන්ලු... එයාගෙන් ඒ ගැන කවුරැ හරි ඇහුවම කියන්නෙ ඕනවට වැඩිය මේ ගැන කතා කරලා වැඩේ අල කළේ සංචාරක නෝනය කියලලු. ත්‍රෛලෝක විජය පත්‍ර නිශාචර සංචාර සහ ගණිකා වෘත්තිය එකට ආඳන්න ගිහිල්ල මේක අප්සෙට් වුන බවත් උන්නැහේ කියනවා. ඉතින් මේ විදියට ඒ දෙන්න අතරෙ තිරය පිටුපස සටනක් පටන් අරන්ලු...
ඒ නිසා රටට ඩොලර් ගේන්න ත්‍රෛලෝක විජයපත්‍ර වගා කරන්න කරගෙන ගිය වැඩසටහන එහෙමම හිටලා කියලයි ආරංචි.