2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

උන්නැහේ එපාලු

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 733

කොළඹට ඒ හැටි දුර නැති පළාතකට වසන්තය උදා කරනවය කියල ආපු ආණ්ඩුකාර තැන තනතුරෙන් ඉවත් කරන්න කියල ලොකු ඝෝෂාවක් යනව...

මේ ආණ්ඩුකාර තැන කලකට පෙර රට බේරාගත් වීරයෙක් හැටියට සම්මාන ලැබූ කෙනෙක්.... ඒ වුණත් අලුත් රැකියාවට ආවට පස්සේ උන්නැහේ පළාතෙ මැති ඇමැතින් ගෙනෙන ජනතා ප්‍රශ්න කිසිම දෙයක් විසඳන්න අතහිත නොදෙන බව කියමින් පළාතෙ මැති ඇමැති ගොල්ල විතරක් නොවේ නගරාධිපතිවරු ප්‍රාදේශීය සභා සභාපතිල පවා ආණ්ඩුකාරවරයා පැන්නීමේ සටනට බැහැල කියලයි ආරංචි...

මේ සටනෙ අලුත්ම පියවර හැටියට නගරාධිපතිවරුන් ප්‍රාදේශීය සභා සභාපතිවරැන් ලොකු පෙත්සමක් අත්සන් කළා... ඒක පසුගිය දවසක රටේ ලොකු මහත්තයට භාරදීල මේ අවනඩුව උන්නැහේටත් කිව්වලු...
කොහොම නමුත් ඒ ප්‍රශ්න නොවිසඳුණොත් පළාතෙ ජනතාවත් එකතු කරන් ආණ්ඩුකාර තැනට එරෙහිව උද්ඝෝෂණයක් කරන්නත් කස්ටිය සූදානම් වෙන බවයි ආරංචි...

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00