හිටපු මුදල් ඇමැති කෙනකුගෙ ජයවර්ධනපුරේ පැත්තෙ තිබෙන මැඳුරක හැන්දෑ කාලෙ නිතර ගැවසෙන ආණ්ඩුවෙ රාජ්ය ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවලු...
රටේ ලොකු මහත්තයගෙ පක්ෂයෙ ඉහළම ලේකම් පදවියට අද හෙටම පත්වෙනවය කියන මේ හිටපු මුදල් ඇමැති තැන දැන් කවුන්සිලේ නැතත් බලවත් පොරක්ලු. කොහොම හරි උන්නැහේගෙ ගෙදර ගැවසෙන රාජ්ය මට්ටමේ ඇමැති තැන මහනුවර පැත්තෙන් පොහොට්ටු පාටියෙන් කවුන්සිලේට ආපු දිලෙන තරුවක් බවත් ආරංචියි.
උන්නැහේ හිටපු මුදල් ඇමැති තැන එක්ක ලොකු දේශපාලන ගනුදෙනුවකට යන්නලු හදන්නෙ..
කොටින්ම කිව්වොත් එයා පොහොට්ටුවෙන් ගිහිල්ල අලියට හේත්තු වෙන්න යනව කියලයි තතු දත් අය කියන්නෙ...
එහෙම ගිහිල්ල අනාගත ආණ්ඩුවක කැබිනට් පට්ටමකට සෙට්වෙන එකලු මේ ගමනෙ අරමුණ... කොහොම හරි නුවරින් ආපු මේ හැඩ වැඩ ඇති දිලෙන තරුව ළඟදිම දේශපාලන කරණමක් ගහන බවයි කියැවෙන්නෙ.