2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

පුටුවෙන් බහින්න බැරිලු

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 613

ආණ්ඩුවෙ ලොකුම කන්තෝරුවක ඉහළම පෙළේ ලේකම් මහත්තයෙක් ඉන්නව... උන්නැහේ ඉතාම කාර්යබහුල ඒ වගේම බරපතළ රාජ්‍ය වගකීම් දරන කෙනෙක්...

නිහඬව හා සරලව රාජකාරි කරන මේ ලේකම්තුමාගෙ කන්තෝරුවට යන එන අය හැමතිස්සෙම දකින එක්තරා දර්ශනයක් තිබෙනවලු...

උන්නැහේගෙ මේසෙ ඉස්සරහ පුටුවෙ එක්තරා මන්ත්‍රී කෙනෙක් හැමතිස්සෙම වාඩිවෙලා සිටීම තමයි ඒ දර්ශනේ..

මේ නිසා කෙනකුට අත්‍යවශ්‍ය රාජකාරියක් විශේෂයෙන්ම රහස්‍ය රාජකාරියක් වගේ දෙයක් ගැන ලේකම් තැන සමඟ කතා කරන්න අමාරු තත්ත්වයක් උද්ගත වෙලාලු...

මේ විදියට ලේකම් තැනගෙ පුටුව ඉස්සරහ පුටුවට අරක්ගෙන ඉන්නෙ ආණ්ඩු පක්ෂයෙ ඉන්න ප්‍රබල චරිතයක් නිසා ලේකම්තුමාට වගේම එතනට යන එන අයටත් කරකියා ගන්න දෙයක් නැතිලු...

මේ ආසන හුටපටේ නිසා පීඩාවට සහ අපහසුතාවට පත්වෙලා ඉන්න ඉහළම රාජ්‍ය නිලධාරීන් පිරිසක් ළඟදිම රටේ ලොකු මහත්තය මුණගැහිල මේ අවනඩුව කියන්නලු යන්නෙ.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00