විපක්ෂය නියෝජනය කරන 'ඉඳුනිලක්' වගේ ඉන්න මන්ත්රී කෙනෙක් තමන්ගෙ පක්ෂයෙ නායකය එක්ක අවුරුදු තුනක්ම තරහවෙලා කතා නොකර මුහුණවත් නොබල හිටපු බව පසුගියදා හෙළිදරව් වුණා.
තමන්ගෙ පක්ෂ නායකය ඇමැති කෙනෙක් කාලෙ මේ මන්ත්රීතුමා කියාපු කාරණා ඉටුනොකිරීම තමයිලු මේ තරහට හේතුව.
කොහොම හරි දිගින් දිගටම පක්ෂ නායකය එක්ක තරහවෙලා හිටියත් මුන්නැහේ පක්ෂය මාරු කරන්නවත් නායකයට විරුද්ධව වෙනත් ජරමර කරන්නවත් ගියේ නැහැ... හැබැයි අවුරුදු තුනකට පස්සෙ මේ දෙන්නා යාළු වුණා. ඊට පස්සෙ තමයි ඇත්ත කතාව ප්රසිද්ධියෙ හෙළිදරව් කළේ..
මේ හෙළිදරව්වට සවන් දීපු විපක්ෂයෙම මන්ත්රී සයිස් මහත්තයෙක් ඇහුව ඇයි ඔයා එච්චර කාලයක් ලොක්ක එක්ක තරහවෙලා ඉන්න හිතුවෙ කියල. නමුත් තරහවෙලා හිටපු මන්ත්රී තැන ඒකට උත්තර දුන්නෙ නම් නැහැල්ලු.