අත පාටියේ ලියන මහත්තයා එක්ක කට්ටිය හොඳටම අවුල් වෙලාලු ඉන්නේ. එයා නිසා පක්ෂයේ අය එක එක්කෙනා නැතිවෙන නිසා. කොහොම වුණත් මේ ගැන පහුගිය දවසක ඉවත් කරපු අයයි දැනට ඇතුළේ ඉන්න අයයි අතර පොඩි රහස් කතාබහක් වුණාලු. එතැනදී උඩට ආපු එකම චරිතය මේ ලියන මහත්තයාලු. කට්ටිය හැමෝම එයාට පලු යන්න බැන්නලු.
කොහොම වුණත් අවසානයේ මේ දෙගොල්ලොම එක තැනකට ආවලු. ඒ ලියන මහත්තයා කොහොම හරි අයින් කරන්න. ඒක පක්ෂයේ ලොකුතැනටත් කියනවා කිව්වලු. ඒත් වැඩේ නොවුණොත් මොකද කරන්නේ කියලා සමහර අය ඇහුවලු. ඒ වෙලාවේ එතැන හිටිය කීප දෙනෙක් කිව්වලු 'බය වෙන්න එපා අපි ඔයාලා එක්කන් යනවා දිනන අලුත් පැත්තකට' කියලා. හැබැයි තවම ඒ පැත්ත කිව්වේ නෑලු.