අරගල කාලෙ ආණ්ඩුවෙන් ස්වාධීන වෙලා විපක්ෂයට ගිය මන්ත්‍රීල කස්ටියක් ඉන්නව. ඒ ගොල්ලො දැන් එක්තරා සභාවක් හැටියටයි පෙනී සිටින්නෙ.... මේ කණ්ඩායමේ ඉන්නව රජරට පැත්තෙනුයි කළුතර පැත්තෙනුයි කවුන්සිලේට ආපු මන්ත්‍රී සයිස් මහත්තුරු දෙන්නෙක්.
උන්නැහේල දෙන්නට පසුගිය ආණ්ඩු කාලෙ ආරක්ෂක හේතූන් මතය කියල ආණ්ඩුවෙ මහ කන්තෝරුවෙන් සුපිරි ගණයේ වාහන දෙකක් දුන්න පාවිච්චියට. තවමත් ඒව උන්නැහේල පාවිච්චි කරනවාලු...
මීට මාස තුන හතරකට කලින් මේ බව හදිස්සියේම ආණ්ඩුවෙ බලධාරීන්ට මතක් වෙලා වාහන වහාම රටේ මහ කන්තෝරුවට භාරදෙන්න කියල මේ දෙන්නට ලියුම් දෙකක් ඇරිය. නැත්නම් පොලිසියට කියනව කියලත් දැන්නුවා. ඊළඟට මේ ගැන පොලිස් පැමිණිලි දෙකකුත් දැම්ම....
ඔන්න ඔය වෙලාවෙ මේ ස්වාධීන කණ්ඩායමේ නායකයා රටේ ඉහළම තනතුරක් දරන කෙනෙකුට කතාකරල කිව්වලු අපේ මිනිස්සු දෙන්න දැනට බේරල දෙන්න. අපි ඔබතුමන්ලට ඕන වෙලාවට කවුන්සිලේදි සහය දෙන්නම් කියල... විශේෂයෙන් අයවැයේදී වුණත් උදව් කරන්න පුළුවන් බව ගැනෙන විදියටලු එයා කතා කළේ...
නමුත් අයවැයේ ඡන්දයේදී ඒ විදියට වැඩ සිද්ධ වුණේ නැහැල්ලු... ඒ නිසා දැන් ආපහු වාහන ප්‍රශ්නය මතුවෙලා... අර මන්ත්‍රිල දෙන්නට වාහන වහාම භාරදෙන ලෙස නියෝග ලැබිල නැත්නම් පොදු දේපල පනත යටතේ නඩු පවරන බවත් ගිය සුමානෙ ලිඛිතවම දන්වල... දැන් කස්ටියම තක්කු මුක්කු වෙලා ඉන්නවලු.