කළුතර දිසාවෙන් කවුන්සිලේට මුල්වරට ආපු රාජ්‍ය ඇමැති සයිස් මහත්තයෙකුට පිටරටක තිබෙන සම්මන්ත්‍රණේකට ගන්න ආරාධනාවක් ලැබුණා. අයවැය කාලෙ රට යන්න මැති ඇමැතිලට අවසර නැතත් මේ රාජ්‍ය ඇමැති ගිහිල්ල රටේ ලොකු මහත්තයට ඔය ගැන කිව්වම උන්නැහේ ඒකට අවසර දුන්නලු.
ඊළඟට එයා රට යන්න ගන්න වීසා එකට ඕනෑකරන එක්තරා නිර්දේශයක් ගන්න ආණ්ඩුවෙ අමාත්‍යංශයකට ගියා... විෂය භාර ඇමැති තැන මුණගැහුනම එයා ඒක අනුමත කරල අදාළ නිලධාරීන්ට ඒ අවසරය දෙන්න කියල නියම කළාලු.
අනේ ඒත් කරුමෙක මහත, ඊටපස්සේ ඔය රාජ්‍ය ඇමැතිතුමා ඒ අමාත්‍යංශයේ පැය තුනහමාරක් අමුත්තන්ගේ කාමරේ වාඩිවෙලා හිටිය. ඒත් අර අවසරය ලැබුණෙ පැය 4කට පස්සෙලු... වගකිවයුතු නිලධාරීන් බිසී නිසා එහෙම වුණ බවයි ඇතුළෙන් අහපු හැමවාරෙම කිව්වෙ...
කොහොම හරි පමාවෙලා පමාවෙලා වීසා අවසරය ලබාගන්න ඇමැතිතුමා ඒක අරන් අදාළ රටේ තානාපති කන්තෝරුවට ගියා. ඊටපස්සෙ එතැන උදවිය කිව්වෙ අද උදේවත් ආව නම් වීසා එක දෙන්න තිබුණ... දැන් වීසා දෙන වෙලාව ඉවරයි. ඒ නිසා වැඩේ කරන්න බැහැ කියල. අන්තිමේදී උන්නැහේ පසුවදාට යෙදුණු තමන්ගෙ රට ගමන කැන්සල් කරල නිකම් හිටිය.
ආණ්ඩුවෙ රාජ්‍ය ඇමැති කෙනෙක් වන තමන්ට ආණ්ඩුවෙම අමාත්‍යංශයකින් කරපු මේ සැලකිල්ල ගැන කතාව පසුගියදාක මැතිසබා ලොබියෙ ලොකු කතාවක් බවට පත්වුණා.