වැහි කාලෙට හතු පිපෙන්න වගේ අලුත් දේශපාලන පක්ෂත් බිහිවෙනව. ඒකෙ නම් වරදක් අපි දකින්නෙ නැහැ. නමුත් ඔය පක්ෂ බිහිවෙන වේගයට රටෙත් වැඩ කටයුතු පිළිවෙළක් වෙනව නම් තමයි අපූරු.
ඒ කතා කොහොම නමුත් මේ දවස්වල තිරය පිටිපස්සෙ රහසින් කතාවෙන අලුත්ම පක්ෂයක් ගැනයි දැන් අපි කියන්න යන්නෙ. මේ පක්ෂයෙ ලාංඡනය දැනටමත් පක්ෂය බිහි කරන්න යන උදවිය තෝරාගෙන ඉවරයි. ඒ ලාංඡනය තමයි 'අල්මාරිය'. ඔය අල්මාරිය ලකුණෙන් හදන්න යන පක්ෂයෙ ප්රධානීන් ගණනාවක් ගැන නොයෙක් කතා පැතිරෙන්නත් පටන් අරන්...
මහනුවර පැත්තෙන් කවුන්සිලේට ආපු කලක් ඇමැතිකම් කරල දැන් පට්ටම ගැලවිච්ච ආනන්දජනක දේශපාලුතුමෙක් මේකෙ මූලිකත්වය අරන්ලු.. එයාට අමතරව දකුණු ලකේ අගනගරෙන් ආපු කැබිනට් සයිස් මහත්තයකුත් මේ වැඩේට සැට් කර ගන්න යන බවයි තතු දත් අය කියන්නෙ.
ඊළඟට මේ අල්මාරිය පක්ෂයෙ නම තෝරාගෙන ඒකෙ අනුශාසක පට්ටමට දේශපාලනේ ඉන්න තරමක් ප්රබල චරිතයක් සම්බන්ධ කර ගන්නත් කස්ටිය උත්සාහ දරන බව ආරංචියි.. මේ ගැන දැන් කනින් කොණින් ආරංචි පැතිරෙන්න පටන් අරන් නිසා රහසිගතව මේ වැඩේ කරන්න හදපු නිර්මාතෘවරැ ටිකක් ගැස්සිලා ඉන්නවය කියල ආරංචියි.