දුරකතන පාටියේ කට්ටියක් මෙච්චර කල් ඉවසගෙන ඉඳලා ඉඳලා අවි අතට ගන්න තීරණය කළාලු. එයාලව දාලා ආණ්ඩුවට යනවයි කියන අයට එළව එළවා පහර දෙන්න මේ කණ්ඩායම තීරණය කළාලු.
මේ ළඟදි රැස්වීමක් අතරතුර කළුතර දොස්තර මහත්තයා ආණ්ඩුවේ හොඳ කියලා විපක්ෂයේ වැරදි කියන්න හැදුවලු. ඒ වෙලාවේ මේ කට්ටිය කිව්වලු කාවවත් නවත්වගන්න ඕන නෑ, යන අයට ඕන වෙලාවක පක්ෂයෙන් යන්න පුළුවන් කියලා. කකුල දෙපැත්තේ තියන් ඉන්න අයටත් මේ අය මෙතනදි ගැහුවලු කකුල් දෙපැත්තේ එපා, යනවා නම් යන්න කියලා. දැන් මේක දිගින් දිගටම කරන්නලු යන්නෙ. ඒ අතර ටෙලිෆෝන් පක්ෂය රැකගන්න කැමැති අය කිව්වලු පක්ෂයේ ලොකු තැනටත් ආයේ මේ අය යන එක ගැන කතා කරන්න එපා, යනවා නම් යන්න කියන්න කියලා. දැන් ලොකු තැනත් ඉන්නෙ ඒ විදිහටලු. දැන් යන්න හදන අයත් පක්ෂයට ආදරේ අය හම්බවුණාම කියනවලු ''බලන්නකො මේ අපිත් යනවා කියලා කටකතා යවනවනෙ'' කියලා.