2023 මැයි 14 වන ඉරිදා

පිරිවර නැති ගමනක්

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 583

රටේ ලොකු තැන රාජාභිෂේකයට යන්න පහුගියදා මහ පාන්දරම ගුවන් තොටුපළට ගියාලු. ඉතිං රටේ ලොකු තැන එහෙම යනකොට ගුවන් තොටුපළ බාර ඇමැති තැනත් එතෙන්ට යන එක සාමාන්‍ය දෙයක්ලු. එහෙම ගිහින් අඩුපාඩු එහෙම හොයලා බලලා හදන එකලු එයාගේ වැඩේ.

කොහොම හරි දැන් ඉන්න ගුවන් ගමන් භාර මහත්තයත් තකහනියේ ගියාලු ලොකුතැන රට යන එකට සුබ පතන්න. එයාලට පුරුදු සෙනඟ ගොඩක් එක්ක ලොක්කා දකින එකලු. ඒත් එයා යනකොට ලොකුතැන තවත් තුන්දෙනෙක් එක්ක වාඩිවෙලා ඉන්නවලු. එළියේ කඩේකින් කෑමත් ගෙන්නගෙන කකා. ලොකු තැන එහෙම ඉන්නේ මොකක් හරි අවුලක් නිසාද කියල අපේ ඇමැති තැනට හිතුනලු. ඊට පස්සේ හිනාවක් දාගෙන ලොකු තැන ළඟට ගියාම රටේ ලොකු තැන වෙලාව බලලා කිව්වලු. ''ඔයා මොකටද මේ මහ රූ ආවේ. ගෙදර හොඳට නිදාගන්න තිබ්බනේ'' කියලා. ඊට ටික වෙලාවකට පස්සේ ලොකු තැන එතැනින් ගුවන් ගතවුණාලු. මේක හැමෝටම පුදුමලු ලොකු තැන ඇයි පිරිවරාගෙන ආවේ නැත්තේ කියලා.