2017 ජුනි 03 වන සෙනසුරාදා

අනේ... මට වෙන එකක් දෙන්න

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 420

බයිස්කෝප් ඇඟපත තියෙන නියෝජ්‍ය ඇමති කෙනෙක්ලු. මේ ළඟදි එයාගේ ඇමති කෑල්ලකට තවත් කෑල්ලක් එක්වුණාලු. එයාගේ ආයතනේ කොළඹට නොදුරු දිස්තිරික්කයක වුණත් එයාට ළඟදි වැඩිපුර එල්ලපු ඇමති කෑල්ල කඳු පැත්තට වැඩ කරන එකක්ලු.

මේ නිසා මෙයා රටේ ඉහළ තැනට පට්ටම දෙන වෙලාවේ දුක කිව්වලු. සර් මට මේ තියෙන එකෙත් කිහිළිකරුයි, රෝද පුටුයි බෙදන්න තියෙන්නේ. මගෙන් ඊට වැඩක් ගන්න. මාව මිනිස්සු වැඩිපුර ඡන්දදීලා ගෙනාවේ ඒකයි. පුළුවන්නම් සර්ගේ පැත්තෙන් හරි නීතිය පැත්තෙන් හරි නියෝජ්‍ය ඇමැතිකමක් දෙන්න කියලා කියන්න ගත්තලු.

ලොකු තැන මේක අහගෙන ඉඳලා කිව්වලු මටත් තේරුණා.. ඒත් ඔබතුමාලගේ ලොකු තැන ආපුවම කතා කරලා තීන්දුවක් ගමු කියලා හිත සනසලා අර ඇමැති පට්ටම් කෑල්ල කරේ එල්ලුවා කියලයි ආරංචියි.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00