පොළොවෙන් මතුවෙච්ච නායකයෙක් මේ දවස්වල ඊළඟ දේශපාලන පියවර ප්ලෑන් කරනවලු. උන්නැහේ එසේ මෙසේ නායකයෙක් නෙවෙයි. රටේ මහ පුටුවටත් වග කියාපු නායකයෙක්. එයා හදන්නේ තමන්ගේ පුත්රයාට එයා මෙතෙක් කල් ඡන්දය කරපු රජරට පළාතෙ වැයික්කිය භාරදීලා එයාගේ උපන්ගම වෙච්ච ගම්පහක් තිබෙන දිස්ත්රික්කයට එන්නලු.
ඒ විතරක් නෙමේ, පුත්රයාව පක්ෂයේ ඉහළටම ගන්නත් එයාට ප්ලෑන් එකක් තියෙනවලු. ඒ වැඩ සියල්ලටම උදව් කරන කෙනා එයාගේ ලියන මහත්තයා නිසා, ලියන මහත්තය මොනවා කළත් නිශ්ශබ්දව ඉන්නේ ඔය හින්දලු. ඒ නිසා ලියන මහත්තයත් රජා වගේ ඉන්න බව පේනව. කොහොම වුණත් දැනටම තාත්තාගේ සහ පුතාගේ දේශපාලන බල ප්රදේශ මාරැව නිසා පක්ෂයේ ලොකු වෙනසක් වෙයි කියලා එයාගෙම මිත්රයෝ කතා හදාගෙන යනවලු.