හිටපු ලොකු තැන මෙච්චර කාලයක් පදිංචිවෙලා හිටපු ගෙදරින් වෙනත් නිල නිවාසෙකට ගියා... ඊටපස්සෙ උන්නැහේ හිටපු ගෙදරට ඇල්ම බැල්ම දාගෙන මැති ඇමැතිල කස්ටියක්ම බලා හිටියලු.
ඒත් අවාසනාවකට වගේ ඒ කාටවත්ම හිටපු ලොකු තැන මෙතෙක් කල්ගත කරපු ඒ නිල නිවෙස ලැබුණෙ නැහැ.
තියෙන ආරංචියෙ හැටියට මේ සුපිරි නිල නිවෙස ආණ්ඩුවෙ ඉහළම තැනක අණ පරිදි ඇමැති සයිස් මහත්තුරු දෙන්නකුට දෙන්න තීන්දු කරල... ඒ දෙන්නට මේ නිවෙස භාර දෙන්නෙ ඉදිරියෙ ඉක්මනට එනවය කියන ජනාධිපති ඡන්දයෙ මෙහෙයුම් මධ්‍යස්ථානෙ පිහිටුවන්න කියලයි තතු දත් අය කියන්නෙ...
මේ ඇමැතිල දෙන්නගෙන් එක්කෙනෙක් ගම්පහ පැත්තෙ. අනෙක් එක්කෙනා මාතර පැත්තෙලු.
මේ දෙන්නා දැන් ආණ්ඩුවෙ ඉහළම තැන්වලට සමීපම සගයො නිසා ඒ අයට මේ කැම්පේන් ඔෆිස් එක භාරදුන්න බවයි ආරංචි. මේ තොරතුරින් වැඩිමනක් කියවෙන්නෙ ළඟ ළඟම ජනාධිපති ඡන්දයක් එනවය කියලයි. ඒකට පාර හදන්න තමයි මේ කසකාරයො දෙන්නට වගකීම පවරල තියෙන්නෙ.