2023 ජුනි 17 වන සෙනසුරාදා

බෙදලා ගැහිල්ලක්

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 647

අත පාටියේ දෙදරීම එන්න එන්න වැඩි වෙන්නලු යන්නේ. කට්ටියක් ආණ්ඩුවට එකතු වෙන්න කියලා ගෙනාපු යෝජනාවට පක්ෂයේ ඉහළ අය එකඟ නොවුණු නිසා කට්ටියක් කඩාගෙන ගිය සිද්ධිය හැමෝම දන්න දෙයක්නේ. ඒත් මේ බෙදිල්ල වෙන බෙදිල්ලක්ලු.

දැන් ඉන්න ලියන මහත්තයාත්, හිටපු අනුරාධපුර පැත්තේ හිටපු ලියන මහත්තයා වෙනුවෙනුත් කණ්ඩායම් දෙකක් බෙදිලලු ඉන්නේ. මේක පක්ෂය අටපට්ටම් වෙන්න යන වැඩක්ලු. කොහොම වුණත් වැඩේ එන්න එන්න දරුණු වෙන නිසා සටන අත් නොහැර මුහුණ දෙන්න අලුත් ලේකම් තැන තීරණය කරලලු තියෙන්නේ. ඒ අනුව වහාම හිටපු ලේකම් තැන වෙනුවෙන් වැඩකරන අයට විනය පියවර අරන් ඒ අයත් පක්ෂයෙන් එලවන්නලු යන්නේ. අලුත් ලේකම් තැන හදන්නේ ඒ සියලුදෙනා ඉවත් කරලා පොහොට්ටුවට ගිය, ඒත් ආණ්ඩුවට නොගිය, පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම නැවත පක්ෂය වෙත ගන්නලු. එහෙම අරගෙන, පක්ෂයේ අලුත් බෙදිල්ලට අනුව ගිය කට්ටියට ටටා බායි කියන්නලු යන්නේ. මේ වැඩේ පක්ෂයේ ලොකු තැනත් දන්නවලු. 

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00