දියවන්නාවෙ සල්ලිභාර කමිටුවෙ සභාපතිකමට තිබුණ සටන ඉවර කරමින් විපක්ෂයේ ආචාර්යතුමාට ඒ පට්ටම දෙන්න ආණ්ඩුව තීන්දු කළා...
නමුත් මේ තනතුර ආචාර්යතුමාට දෙන්න කළින් ආණ්ඩුවෙ බලවත් උදවිය ප්‍රකාශ කරල තිබුණෙ එයාට මේ තනතුර ලබා නොදෙන වගයි...
ඒත් එකපාරටම ඒ අදහස වෙනස් වෙලා සභාපති පුටුව මුන්නැහේට දෙන බව ආණ්ඩුවෙ ලොකුතැන්වලින්ම ප්‍රකාශ වුණා...
නමුත් ඒකට හේතුව නම් වැඩිය ප්‍රසිද්ධ වුණේ නැහැ... ඒ නිසාම විපක්ෂයෙ සමහරු එකපාරටම සිදුවුණ ආණ්ඩුවෙ මේ පෙරළියට හේතුව සොයල බැලුව. එතකොට දැනගන්න ලැබුණෙ ආචාර්යතුමාට මේ තනතුර ලැබුණෙ විපක්ෂයේ ඉන්න කෙනකුගෙ දේශපාලන කපුකමක් නිසාය කියලයි...
ඒ කපුකම කළේ විපක්ෂයෙ ඉන්න කෑගලු පළාතෙ ජ්‍යෙෂ්ඨ දේශපාලුතුමෙක්ලු. උන්නැහේ අපේ ආචාර්යතුමා සමඟ ආණ්ඩුවෙ මහ කන්තෝරුවට ගිහිල්ල සිද්ධ කළ එක්තරා ඉහළ පෙළේ රහසිගත හමුවකදී සිදුකළ කතාබහකින් පසුව තනතුර ගැන අන්තිම තීන්දුව ගත් බවයි තතු දත් අය කියන්නෙ. ඒත් විපක්ෂයෙ සමහරු නම් ඔය හමුව ගැන ඒ හැටි සතුටක් නැති බවයි ආරංචි.