හැටනම ලක්ෂයක ජනවරමක් අරන් අවුරුදු දෙකකින් පස්සෙ ඒ ජනවරම අතහැරපු හිටපු ලොකු තැනගෙ ජන්ම දිනේට පින්කමක් සංවිධානය කරල තිබුණ කොළඹ පන්සලක.
ඒ සඳහා ආරාධනා කරපු මහා සංඝරත්නය මැති ඇමැතිවරු ප්‍රමුඛ අමුත්තො සෑහෙන පිරිසක් උපන් දින උත්සවයට ඇවිත් හිටියා.
නමුත් මේ උපන් දින පින්කමේ ලොකු අඩුවක් එතෙන්ට ගියපු හැමෝටම පෙනුණා... ඒ තමයි හිටපු ලොකු තැනගෙ පවුලෙ වඩාත්ම ජනප්‍රිය සාමාජිකයා උත්සවයට නොපැමිණීම. උන්නැහේ පමණක් නෙවෙයි උන්නැහේගෙ පවුලෙ අනිත් උදවියත් එතන දකින්න හිටියෙ නැහැ.
ඒක එතන ලොකු අඩුවක් වගේම තිරය පිටුපස ලොකු කතාවක් නිර්මාණය කරන්නත් සමත් වුණු ප්‍රවෘත්තියක් බව තතු දත් අය කියනව.