දියවන්නා කවුන්සිලේ ලොකුම රස්සාවක් කරල විශ්‍රාමයට පත්වෙලත් ගෙදර නොගිහින් තවදුරටත් සක්විති සැප විඳින්න ට්‍රයි කරන ලොක්කකුට පඩි ගෙවන්න විදියක් නැහැ කියල කතාවක් යනව...
උන්නැහේ විශ්‍රාම ගියාට පස්සෙ උන්නැහේගෙම නාමයෝජනාවක් අනුව අලුත් පදවියකට පත්වුණාට ඒකට අදාළ අංශවලින් අනුමැතිය ලැබිල නැතිලු... විශේෂයෙන් කැබිනට්ටුව අනුමත කළ යුතු තනතුරක් වුණත් ඒක කරන්න ආණ්ඩුවෙ වගකිවයුතු මැති ඇමැතිල පස්ස ගහන බවයි ආරංචි. මේ නිසා උන්නැහේට පඩිය ගෙවන්නත් අමාරු බවයි මැතිසබේ ගිණුම් අංශය කියන්නෙ...
ඒ අස්සෙ මේ සක්විත්තා ජාත්‍යන්තර වශයෙන් මැතිසබේට ආධාර කරන ආයතන ගණනාවක උපදේශකයෙක් වෙලා තවත් ඩොලර් ඉල්ලමකට ඉව අල්ලන බව සමහරු කියන්න පටන් අරන්.
කොහොම නමුත් මේ අලුත් තනතුරුලාභියා තමන් කලින් හිටපු කන්තෝරුවෙ තිබුණු සැප සම්පත්වලින් කොටසක් පවරාගෙන කරන මේ %දස^ වැඩ ගැන ළඟදිම මැතිසබේදි ප්‍රශ්න කරන්න මැති ඇමැති කස්ටියක් සැරසෙනවය කියන එකයි අලුත්ම ආරංචිය.