අත පාටියේ අලුත්ම සෙල්ලමක් ළඟ ළඟම කැරකෙමින්ලු තියෙන්නෙ. ඒ තමයි පක්ෂය හැරදාලා ගිය අය නැවත පක්ෂයට එන එක. ඉතිං මේ වැඩේ සූදානම් කරන්නේ පක්ෂයේ ලොකු තැනලු. එයාට ඕනලු පරණ අයත් එක්ක එකතුවෙලා මේ වැඩේ ඉස්සරහට ඇදගෙන යන්න. ඉතිං ඒ නිසා ඔක්කොම එන්නලු යන්නේ වැඩේට.
මේ අස්සේ පක්ෂයේම ඇතුළේ කණ්ඩායමක් පක්ෂයේ බලය අල්ලන්න තවත් ප්ලෑන් එකක් ගහන්නලු යන්නේ. ඒ තමයි එයාලගේ හිටපු ලොක්කිව ගෙන්නන්නලු යන්නේ එදාට. එදාට ගෙන්නලා අනුශාසක පුටුවේ වාඩි කරන්නලු ප්ලෑන් එක. ඒ හරහා හදන්නේ ලොක්කිට වැඩි බලයක් අරන් දීලා පක්ෂය ලොක්කිගේ අතට මාරු කරන්නලු. ලොක්කා එක්ක එකට දිවට දිව ගාගෙන ඉන්න කීපදෙනෙක්ම වැඩේ ඉන්නවා කියලයි ආරංචිය.