යටිකුරු දේශපාලනේට අපේ රට හරි ප්‍රසිද්ධයි. ආණ්ඩුව කරන දේට විපක්ෂය හැමදාම විරුද්ධයි. විපක්ෂය කරන දේට ආණ්ඩුව විරුද්ධයි. ඒත් අහම්බෙන් වගේ ආණ්ඩුවයි විපක්ෂයයි එකට එකතුවෙලා පසුගියදා යෝජනාවක් ගේන්න තීන්දු කළා...
ඒ යෝජනාවෙ නිර්මාතෘ පොහොට්ටු මහලේකම් සාගර උන්නැහේලු. මේ යෝජනාව මගින් දෙපක්ෂය එකඟ වුණේ උසාවිවල නඩු කල් යාම වහාම පාලනය කළ යුතුයි.. ඒකට විධිවිධාන යෙදිය යුතුයි කියලයි. විපක්ෂයෙන් මේකට සහාය දුන්න එක්තරා මන්ත්‍රී සයිස් මහත්තයෙක් ආණ්ඩු පක්ෂයෙ යෝජනාව ස්ථිර කරන්නත් එකඟ වුණා.
ඒත් ඒ තීරණය අරන් දවස් දෙකකට පස්සෙ එකපාරටම උන්නැහේ රිවස් වෙලා යෝජනාව ස්ථිර කරන වැඩෙන් මඟඇරියා. ඊළඟට ආණ්ඩුවෙන් ගේන මේ යෝජනාව ස්ථිර කරන්නම් කියල ඉදිරිපත් වුණේ මැතිසබයේ ලොකු තනතුරකුත් දරන ඇමැති සයිස් මහත්තයෙක්.
ඔන්න උන්නැහෙත් නීතිඥයෙක් නිසා වැඩේ හරියට කරන්නම් කියලයි කිව්වෙ. ඒත් අනේ එහෙම පොරොන්දුවෙලා දවසකට පස්සෙ එයත් යෝජනාව ගෙනාව සාගර උන්නැහේට කිව්ව මේක මට කරන්න බැහැ කියල.
හැමෝම මේ විදියට නඩු කල් දමන යෝජනාවෙන් ඉවත් වෙන්නෙ මොකද කියල බැලුවම ආරංචි වුණේ කළු කෝට්ධාරී බලවත් තැන්වලින් ආපු දෝස්මුර නිසා මේගොල්ලො ඉවත් වුණා කියලයි.
ජනතාව පීඩාවට පත් කරන නඩු කල් දාන එක වගේ පොදු ප්‍රශ්නයකටවත් එකඟ වෙන්න බැරි මහජන නියෝජිතවරු ඉන්නව කියල අහන්නත් පුදුමයි කියල තමයි මේකට සහාය දුන් මැතිසබේ මහත්වරු කතා වුණේ.