2023 ජුලි 29 වන සෙනසුරාදා

තරුපහේ දේශපාලන පාටියක්

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 725

අලුත් දේශපාලන පාටියක් හදනවය කියන තමන්ට රාජයෝගයක් ඇතැයි කියල හිතන පුලතිසිපුරේ පැත්තෙ රණකාමී දේශපාලුතුමෙක්.. තමන්ගෙ පාටිය පටන් ගැනීම සඳහා ආරම්භක වෙඩිමුරය තිබ්බලු...

ඒ රජරට අනුරාධපුරෙන් කියලයි ආරංචි... මේ සඳහා මූලික රැස්වීම රජරට පළාතෙ තරු හෝටලේක පැවැත්තුවෙ ගිය සතියෙලු. පළාතෙ හිතවත් බලවත් දේශපාලනේට කැමැති 200ක් විතර මීටිමට ඇවිත් හිටිය. ඒ අය අතරෙ පළාතෙ පළාත් පාලනේ බාරව හිටපු අයත් හිටපු බව පෙනුණ. නමුත් දියවන්නා කවුන්සිලේ ඉන්න කවුරුවත් දැක්කෙ නැහැ...

කොහොමහරි පුලතිසිපුර යාළුවා කියන විදියට උන්නැහේ අල්ලන්න යන දේශපාලන අඩව්වට සහාය දෙන්න තව දියවන්නාවෙන් හැංගුණ කස්ටියක් ඉන්න බව කියනව.  ඉතින් මෙහෙම යනකොට ඡන්දයක් එන්නත් කලින් අපේක්ෂකයොයි පක්ෂයි වැහිවැහැල තියෙන බව නම් පේනව...

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00