2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

එයාලටත් එන්නලු

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 609

ආණ්ඩුවට එකතු වෙන්න කියලා පණිවිඩ පිට පණිවිඩ එන පක්ෂයක් තියෙනවලු. ඒ අත පාටියට. අත පාටියෙන් ආණ්ඩුවේ ඇමතිකම් ගත්ත අය තමයිලු මේ යෝජනාව ගෙන්නේ ආණ්ඩුවට එකතු වෙලා දැන් ඉන්න ලොක්කව නැවත බලයට ගේමු කියලා. වැඩේට මුලදි අකමැති වුණාට අත පාටියේ ලොකු තැනගේ ලොකු අකැමැත්තකුත් නෑ වගේලු.

ඒත් සංවිධායකයොයි, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙකුයි නම් ඒකට සම්පූර්ණයෙන් විරුද්ධලු. පක්ෂයේ ලොකු තැන ගියොත් ආණ්ඩුවට ඒ කට්ටියම දුරකථන පාටියේ වාඩිවෙනවා කියලා දැන්මම කියලලු තියෙන්නේ.

කොහොම වුණත් ආණ්ඩුවෙ ලොක්කයි අත පාටියේ ලොක්කයි එකම මේසෙකට ගෙනැල්ලා කතා කරවන්න මේ අය ප්ලෑන් එකක් ගහගෙන යනවලු. ඒ අවස්ථාව ආවොත් වැඩේ ගොඩ කියලා කට්ටියම කතාවෙලාලු ඉන්නේ.