ලබන අවුරුද්ද ඡන්ද වසරක් නිසා දැන් ඉඳලම දේශපාලනේ රත් වේගෙනයි එන්නෙ... අපේක්ෂකයො විතරක් නෙවෙයි දේශපාලන පක්ෂත් වැහි වැහැලි වගෙයි පෙනෙන්නෙ.
සමහරු පක්ෂ විකුණනව. සමහරු පක්ෂ මිලට ගන්නව...
මේ අල්ල පනල්ලෙ තවත් අලුත් දේශපාලන පක්ෂයක් බිහිවෙන්න යනවය කියල කතාවක් තිරය පිටුපස පැතිරෙමින් තිබෙනව. මේ පක්ෂය රට ජාතිය ආගම මුල් කරගෙන නිර්මාණය වෙන එකක්ලු...
මේකෙ ප්‍රධානීන් හැටියට දැනට ඉන්නෙ රණවිරුවෙක් වෙච්ච හිටපු ඇමැති සයිස් වීරයෙක්ලු... ඒ වගේම බොහෝම 'යහපත්' නෝනා කෙනකුත් ඉන්න බවයි ආරංචි... මේ නෝන මහත්තය ගෝඨා ආණ්ඩුව කාලෙ එක්තරා පළාතක් පාලනය කළ කෙනෙක්ලු.
රට දැය සමයේ අයිතින් සුරකින්න පුළුවන් අපේක්ෂකයෙක් රටේ මහ පුටු සටනට ඉදිරිපත් කරන්නයි එයාලගෙ සැලසුම... ඒ සඳහා මුලින්ම මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගන්න ඒ අය දැනටමත් කටයුතු කරමින් ඉන්නවලු.