2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

මේ ක්‍රිකට් පොර කව්ද?

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 655

ලකුණු 100කින් ආසියානු කුසලානය කම්මුතු වුණා... ඒක බලන්න රුපියල් 40,000ක් දීල ටිකට් ගත්ත අය කිව්වෙ තමන් මැච් එකේ එක බෝලෙකට රු.400/-ක් වියදම් කළා කියලයි. රට අවමානයට පත්වුණු මේ ප්‍රතිඵලයට හේතුව මොකද්ද කියල හුඟ දෙනෙක් සොයන්න බලන්න පටන්ගත්ත. හැමෝම එක එක්කෙනාට මඩ ගහගනිද්දි ක්‍රිකට් මණ්ඩලේ එක්ක ඔරොප්පුවෙන් ඉන්න ප්‍රබල චරිත දෙකකට මේ ප්‍රතිඵලය හොඳ ආයුධයක් කියල සමහරු කියන්න ගත්ත...

ඒ අල්ල පනල්ලෙ ක්‍රිකට් මණ්ඩලේ ඉන්න කා.කා.ස. මට්ටමේ පොඩිම පොඩි පොරක් මේ පරාජයට ඇත්තම හේතුව කිව්වෙ මැච් එක පැරදිලා ක්‍රිකට් යාළුවො කස්ටියක් එක්ක ඒකෙ දුකට ඇඟ රත්කරගන්න ගමන්ලු.

ඒ වෙලාවෙ මේ පරාජයට ඇත්ත හේතුව අහවලා... කියල ඔහු ක්‍රිකට් ලෝකයේ ප්‍රකට කෙනෙක්ගෙ නමක් කිව්ව... මැච් එකට ක්‍රිකට් කණ්ඩායම තෝරන්න නිල බලය ඇති පිරිසක් හිටියට ඒ තේරිල්ල ඇත්තටම කරන්නෙ එයාලු... රට ගැන හිතල කළයුතු වෙනස්කම් නොකර පුහුණුව භාර අය වගේම ඉහළ මට්ටමේ හුඟ දෙනෙක් යටපත් කරගෙන වැජඹෙන මේ චරිතයට බලය දීල තිබෙන්නෙ ක්‍රිකට් මණ්ඩලේ ඉන්න ඉහළම ප්‍රබලයෙක්ලු. මේ දෙන්නගෙම නම්වලට තිබෙන්නෙ අකුරු තුනයිලු.

හොඳටම බීල හිටපු කා.කා.ස. තුමාගෙ කතාවෙ හැටියට ක්‍රිකට් පජාත කරන්න මෙයාලට මාසෙකට මිලියන ගණනක් ගෙවන බවත් කියවෙනව.

කොහොම වුණත් ඒ පුද්ගලයගෙ නම අපි සටහන් නොකරන්නෙ කලකට පෙර එයා අපේ වීරයෙක් වුණ නිසයි... ඒ වුණත් අන්තිමට අපට කියන්න සිද්ධවෙලා තියෙන්නෙ අනේ ක්‍රිකට්! අහෝ ක්‍රිකට්! කියල විතරයි.

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00