අත පාටියේ ලොකු තැනට කට්ටිය කිව්වලු හිටපු ලියන මහත්තයා එලෙව්වට කමක් නෑ එයාවත් වැඩවලට ළං කරගන්න කියලා. ඒත් උන්නැහේ ඒකට කැමැත්තක් පෙන්නුවේ නෑලු. කොහොම හරි වැඩේ එක්කෙනෙක් බාරගත්තලු. ඒ කාලයක් ලියන මහත්තයා වුණු උතුරු මැද පළාතේ දිසාවට නායක පුතෙක්.
ඉතිං මේ පුතා එලවපු ලියන මහත්තයට කෝල් එකක් දුන්නලු. ඒත් එයා සතපහකට ගණන් ගත්තේ නෑලු. ෆෝන් එක කට් කරාලු මට බෑ කියලා. කොහොම වුණත් මේක දැන් ලොකු තැනගේ කනටත් වැටිලලු තියෙන්නේ. ඊටපස්සෙ ආරංචි හැටියට හිටපු කෙනාට ආයේ කිසිම චාන්ස් එකක් නොදෙන්න ලොකු තැන තීන්දු කරලලු තියෙන්නේ. ඩාර්ලි පාරෙ පක්ෂ බිල්ඩිමේ පස් පාගන්න නොදෙන්නෙලු දැන් තීන්දුව එයාගේ.