2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

පමාවන වෙනස

 2023 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 501

මේ දවස්වල ආණ්ඩුව ඇතුළෙන් මහ තැනට නිතර බල කරන දෙයක් තියෙනවලු. ඒ එක්තරා ඇමැති තනතුරක් ගැනලු. මේ ඇමැති තනතුර ලොකූ එකක් නිසා මෙහෙම ගියොත් ආණ්ඩුවත් නැතිවෙන්න පුළුවන් කියලලු හැමෝම කියන්නෙ.

ඒ මොනවත් නෙමේ සුව ඇමැතිකමලු. ලොකු තැනට ආණ්ඩුවෙන් විතරක් නෙමේ උපදේශක මහත්වරුත් මේ ගැන කියලලු තියෙන්නෙ. සමහර අය වාර්තාවලුත් දීලලු. කොහොම වුණත් මෙයාට වෙන එකක් දීලා මේ සුව ඇමැතිකම වෙන කෙනෙක්ට ළඟදීම නොදුන්නොත් සුව සේවයම පාරට බහී කියලා හැමෝම කියනවලු. දන්න තරමට ලොක්කා මේ ගැන ආණ්ඩුවේ කිහිප දෙනක් එක්කත් කතා කරලලු. ඒ අයත් වැඩේ නම් කරන්නම ඕනෙ කියලලු තියෙන්නෙ. රට ගිහිල්ල ආපු ගමන් මේ වෙනස කරන්නයි හිටියෙ. ඒත් නොදන්න හේතුවක් හින්ද වැඩේ පමාවීම ආණ්ඩුවෙ සෞඛ්‍යයට හොඳ නැති බවයි තතු දත් අයගෙන අදහස.

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00