අලුතෙන් රටේ මහපුටු සටනට එනවය කියන එක්තරා අපේක්ෂකතුමෙක් මේ සතියෙ තමන් ප්රචාරක සටන නිල නොවන මට්ටමින් ආරම්භ කළ බව ආරංචියි.
හිටපු ඇමැතිවරයෙක් වගේම රණවිරුවකුද වන මෙයාගෙ ඡන්ද ව්‍යාපෘතිය පිටිපස්සෙ ඉන්නෙ මේ රටේ ජාතික බලවේග බව තතු දත් අය කියනව.
උන්නැහේ තමන්ගෙ සමීපතම හිතවතුන් කැඳවල ඒ අයට තමන් මහපුටු සටනට එන බව නිල වශයෙන්ම නිවේදනය කළාලු.
ඒ සමඟම රටේ ජාතික අවශ්‍යතා ඉස්මතු වන කැම්පේන් එකක් ගැනත් කතා කරල. හිටපු ජනපති ගෝඨතුමා එක්ක හිටපු ජාතික බලවේග නායකයො සෑහෙන පිරිසක් මෙයාගෙ ඡන්ද ව්‍යාපාරෙ ඉන්න බවයි කියවෙන්නෙ. රණවිරුවෙක් වගේම වීරයෙක් වන මෙයා ගෝඨා ජනාධිපතිගෙ ඉස්කෝලෙම උගත් සගයෙක්ලු.